උඩින් යන්න ගිය ඉබ්බන් 206ක් අල්ලයි

ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවේ, ක්වාලාලම්පූර් වෙත නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ තාරකා ඉබ්බන් 206 ක් රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු බුද්ධි තොරතුරු අනුව ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශය විසිනුයි කටුනායක ගුවන් භාණ්ඩ අපනයන පර්යන්තයේ ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

වියළි මුහුදු ආහාර ලෙස හඳුන්වා රෙදි ගෝනි තුළ අසුරා පෙට්ටි 06ක මෙම තාරකා ඉබ්බන් අසුරා තිබු බව රේගුව ප්‍රකාශ කළා.

ඊයේ AK046 දරණ ගුවන් යානයෙන් ක්වාලාලාම්පූර් දක්වා මෙම ඉබ්බන් රැගෙන යාමටයි සැලසුම් කර තිබී ඇත්තේ.

ජා – ඇල ප්‍රදේශයේ අපනයනකරුවෙකු විසින් මෙම ඉබ්බන් 206 දෙනා රැගෙන විත් තිබූ බව සඳහන්.

තාරකා ඉබ්බන් මැලේසියාව, තායිවානය යන රටවල සුරතල් සතුන් ලෙස ඇති කිරීම ද සිදු කෙරෙනවා.

මෙම තාරකා ඉබ්බන් ශ්‍රී ලංකාවේ වියළි කළාපීය ප්‍රදේශ වල ජනතාව ” මේවර ” ඉබ්බන් ලෙසද හඳුන්වනු ලබනවා.

ශ්‍රී ලංකාවේ තාරකා ඉබ්බන්, ඉන්දියාවේ සහ පකිස්ථානයේ දක්නට ලැබෙන ඉබ්බන් විශේෂය (Geochelone elegans) වුව ද නිශ්චිත භූගෝලීය අනන්‍යතාවයක් පවතිනවා.

එම සත්වයන් ලෝකයේ දක්නට ලැබෙන අලංකාර ඉබ්බන් විශේෂයක් වන අතර එම හේතුව නිසාම විශේෂයෙන්ම අග්නිදිග ආසියාතික රටවල නීතිවිරෝධී සුරතල් සත්ව වෙළඳාමේ දී ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) රතු විශේෂ ලැයිස්තුවට සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂ පිළිබඳ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ උපග්‍රන්ථය I හි ද ඇතුළත් කර තිබෙනවා.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතට (40 වැනි වගන්තිය) අනුව, ඕනෑම ක්ෂීරපායී, පක්ෂි, උරග, උභයජීවී, මාළු, කොරල් හෝ අපෘෂ්ඨවංශික, බිත්තර, පිහාටු හෝ ඕනෑම පක්ෂියෙකුගේ පිහාටු, අං, අං, සම හෝ සඟවා අපනයනය කිරීමට උත්සාහ කරන්න. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව ඕනෑම ක්ෂීරපායි සතෙකු හෝ උරගයකු හෝ ක්ෂීරපායී, පක්ෂි, උරග, උභයජීවී, මත්ස්‍ය, කොරල්පර හෝ අපෘෂ්ඨවංශීන්ගේ යම් කොටසක් වරදක් වන අතර රේගු ආඥාපනත ද ඊට සමගාමීව උල්ලංඝනය කරනවා.

මෙම තාරකා ඉබ්බන් ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල ද වාසය කළත්, ශ්‍රී ලංකාවේ වාසය කරන මෙම ඉබ්බන් සුවිශේෂී වර්ණ රටාවකින් යුතු වීම නිසා ඔවුන්ට විශේෂ ඉල්ලුමක් ජාත්‍යන්තර වශයෙන් පවතින බව ලෝක රේගු සංවිධානයේ , ජාත්‍යන්තර වනජීවී වෙළෙඳාම පිළිබඳ තාක්ෂණික සහ පුහුණු උපදේශක රේගු අධිකාරී හසන්ත ගුරුගේ මහතා සඳහන් කළා.

කුඩා ප්‍රමාණයේ මෙම ඉබ්බෙකු එම රටවල ඇමෙරිකානු ඩොලර් 200 වැනි මිළකටත්, විශාල ප්‍රමාණයේ ඉබ්බෙකු ඇමෙරිකානු ඩොලර් 3,000ක මිළකටත් අලෙවි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කටුනායකදී අත්අඩංගුවට ගැනුණු මෙම තාරකා ඉබ්බන් පුත්තලම, විල්පත්තුව සහ කල්පිටිය යන ප්‍රදේශවලින් එකතු කර ගෙන ඇති බවට රේගු විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට මෙම ඉබ්බන් අපනයනය සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන 55 හැවිරිදි පුද්ගලයෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ඇතැයි සඳහන්.

රේගුව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වනු ලබන අතර, අනතුරුව මෙම ඉබ්බන් සුදුසු පරිසරයකට මුදා හැරීම සදහා වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43