spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩවලව වැසි ජලයෙන් පිරී ඉතිරී යයි (වීඩියෝ)

උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලාශයේ ධාරිතාව 217,800ක උපරිමයට ජලය පැමිණීම නිසාවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

ඒ අනුව වාන් දොරටු තුනක් අඩියක් බැගින් විවෘත කර තිබෙනවා.

තත්ත්පරයට ඝන අඩි 6960 බැගින් වලවේ ගඟට ජලය මුදා හරින බවයි මහවැලි වාරි ඉංජිනේරුවරුන් පැවසුවේ.

මේ හේතුවෙන් ජලාශයේ අවට පහත් බිම්වල වෙසෙන්නන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවට ද දැනුම්දී තිබෙනවා.

වසරක කාලයක සිට දැඩි නියං බලපෑමක් මත වර්ෂාව නොලැබුණු උඩවලව ජලාශය සම්පූර්ණයෙන් ම හිඳී ගිය ආකාරය ද වාර්තා වුණා.

එහි උච්චතම අවස්ථාව වූයේ උඩවලව ජලාශය අගෝස්තු මස 08 වැනි දින අක්කර අඩි 641ක් දක්වා පහත බැසීමයි.

මේ හේතුවෙන් වලවේ කලාපයේ ගොවිබිම් රැසක් ජල‍ය නොමැතිකමින් විනාශයට පත් වුණා.

නමුත් අද වනවිට එසේ ගිය ජල මූලාශ්‍ර ජලයෙන් පිරී ඉතිරී ගොස් තිබෙන අයුරු දැකිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?