spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉහල කොත්මලේ ජලාශයේ තිබි පාසල් සිසුවියකගේ මෘතදේහයක් හමුවෙයි (වීඩියෝ)

ඉහල කොත්මලේ ජලාශයේ තිබි පාසල් සිසුවියකගේ සිරුරක් හමුව තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් බවයි අනාවරණ වී ඇත්තේ.ඇය අද උදෑසන 6.30ට පමණ සිය නිවසින් පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.අනතුරුව ඇය ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පැන ඇති බවට ප්‍රදේශවාසින් විසින් දැක ඇති බවයි තලවකැලේ පොලිසිය පවසන්නේ.

මව සමග ඇති වු සිත් තැවුලක් හේතුවෙන් පාසල් සිසුවිය නිවසින් පැමිණ මෙලෙස ජලාශයට පනින්නට ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කරන බවයි පොලිසිය පවසන්නේ.තලවකැලේ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

262386 1
262386 2
262386 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?