ඉසුරුමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් හා එකමුතුව පෙළගැසෙමු

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට මුහුණදෙන මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදට යෙදී ඇති වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව මෙම අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක්වීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

බෞද්ධ දර්ශනයේ දක්වා ඇති පරිදි මෛත්‍රිය (මෙත්තා), කාරුණිකබව (කරුණා), මෘදුබව (මුදිතා) සහ උපේක්ෂා සහගතබව (උපේක්ඛා) යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් අප එම මාර්ගයේ ගමන් කළ යුතු බව ද ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩයේ සඳහන්.

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස මෙම පිංබර දිනයේ දී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින ජනාධිපතිවරයා, අවිද්‍යාවේ අඳුර දුරුකර ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට මෙම වෙසක් සැමරුම ආශිර්වාදයක් වේවායි සිය වෙසක් දින සුබපැතුම් පණිවුඩයෙන් ප්‍රාර්ථනා කරනවා.

01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27