ඉෂාර කොටස් වෙළෙදපොළ හොල්ලයි

ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාරට අයත් LOLC සමූහ ව්‍යාපාරය මෙරට කොටස් වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන වත්කම් හිමි වූ පළමු ස්ථානයේ රැඳෙන සමාගම බවට පත්ව ඇත.

ඒ අනුව ‍ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු සමාගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනයක් හිමි සමාගම බවට LOLC සමූහ ව්‍යාපාරය පත්ව තිබේ.

කොටස් වෙළෙඳපොළේ අංක 3 ස්ථානයේ පසු වූ LOLC සමූහ ව්‍යාපාරය ඊයේ දිනයේදී එම ලැයිස්තුවේ අංක 1 සහ 2 ස්ථානවල රැඳුණු ජෝන් කීල්ස් ​හෝල්ඩිංග්ස් සහ ලංකා දුම්කොළ සමාගම අභිභවා යමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.

ඒ අනුව LOLC සමූහ ව්‍යාපාරයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රුපියල් බිලියන 239 ඉක්මවා ගොස් තිබුණු අතර එය සමස්ත වෙළෙඳපොළෙන් 6% ඉක්ම වූ වටිනාකමක් විය. එසේම ඊයේ (27 වැනිදා) LOLC හි කොටසක මිල රුපියල් 505ක් ලෙසින්ද වාර්තාගත අගයක් ලකුණු කළේය.

මේ අතර 2020 වසර ආරම්භයේදී ඉෂාර නානායක්කාර මෙරට අංක එකේ ධනවතා ලෙසින් නම් කෙරුණු අතර කාම්බෝජියාවේ සිදුකෙරුණු ඩොලර් මිලියන 603ක ආයෝජනයක් ඊට හේතු විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30