spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉෂාර කොටස් වෙළෙදපොළ හොල්ලයි

ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාරට අයත් LOLC සමූහ ව්‍යාපාරය මෙරට කොටස් වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන වත්කම් හිමි වූ පළමු ස්ථානයේ රැඳෙන සමාගම බවට පත්ව ඇත.

ඒ අනුව ‍ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු සමාගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනයක් හිමි සමාගම බවට LOLC සමූහ ව්‍යාපාරය පත්ව තිබේ.

කොටස් වෙළෙඳපොළේ අංක 3 ස්ථානයේ පසු වූ LOLC සමූහ ව්‍යාපාරය ඊයේ දිනයේදී එම ලැයිස්තුවේ අංක 1 සහ 2 ස්ථානවල රැඳුණු ජෝන් කීල්ස් ​හෝල්ඩිංග්ස් සහ ලංකා දුම්කොළ සමාගම අභිභවා යමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.

ඒ අනුව LOLC සමූහ ව්‍යාපාරයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රුපියල් බිලියන 239 ඉක්මවා ගොස් තිබුණු අතර එය සමස්ත වෙළෙඳපොළෙන් 6% ඉක්ම වූ වටිනාකමක් විය. එසේම ඊයේ (27 වැනිදා) LOLC හි කොටසක මිල රුපියල් 505ක් ලෙසින්ද වාර්තාගත අගයක් ලකුණු කළේය.

මේ අතර 2020 වසර ආරම්භයේදී ඉෂාර නානායක්කාර මෙරට අංක එකේ ධනවතා ලෙසින් නම් කෙරුණු අතර කාම්බෝජියාවේ සිදුකෙරුණු ඩොලර් මිලියන 603ක ආයෝජනයක් ඊට හේතු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?