ඉම්රාන් ඛාන් ට මෙම සති අන්තයේ සිය තනතුර අහිමිවීමේ අවදානමක්

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට මෙම සති අන්තයේ සිය තනතුර අහිමිවීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) නියෝග කළේ ඔහුට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් පැවැත්වීම අවහිර කිරීමට ඔහු ගත් පියවර ව්‍යවස්ථා විරෝධී බවය. 

පසුගිය ඉරිදා ඉම්රාන් ඛාන් ගේ පක්ෂය අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු ජන්ද විමසීමක් පැවැත්වීම අවහිර කිරීමට පියවර ගත්තේය.

නමුත් එම විශ්වාසභංග යෝජනාව සඳහා වූ ඡන්ද විමසීම පාලක පක්ෂය පරාජය වීමට ඉඩතිබු බව සඳහන් වෙයි.
  
ඉන් අනතුරුව සිය රජය විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ඉම්රාන් පියවර ගත්තේය.
 
එම තීරණයට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු දැඩි ලෙස විරෝධය දැක්වූ අතර අනතුරුව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළේය.
 
එය සලකා බැලූ අධිකරණය තීරණය කළේ පාර්ලිමේන්තු ව අදාළ ඡන්ද විමසීම පැවැත්විය යුතු බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01