අහමදාබාද්හි ස්වර්ණාභරණ වෙළෙන්දෙකු විසින් ක්‍රිකට් ලෝක කුසලානයේ අනුරුවක් රත්‍රං වලින් නිර්මාණය කර තිබෙනවා.
ඉතා සියුම් ආකාරයට නිපදවා ඇති මෙම රන් අනුරුව ග්‍රෑම් 0.9ක බරකින් යුක්තයි.
ස්වර්ණාභරණ සෑදීමේ කලාවට ඇති දක්ෂයෙකුවන රවුෆ් ෂෙයික් නැමැති මෙම පුද්ගලයා ඉන්දීය කණ්ඩයමේ නායක රෝහිත් ශර්මා වෙත තිළිණයක් ලෙස ලබාදීමේ අරමුණින් මෙම රන් අනුරුව නිර්මාණය කර ඇති බවයි වාර්තා වුණේ.
අද පැවැත්වෙන ඉන්දියා-පාකිස්තාන තරගයේදී අවස්ථාවක් ලැබුණොත් තමන් මෙම රන් කුසලානය රෝහිත් ෂර්මාට තිළිණකරන බවයි ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ.













