ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ සුපිරි 04 වටයේ ඊයේ දිනයේ අඩක් ක්‍රිඩා කළ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ ඉතිරිය අද (11) පස්වරු 3.00ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් මේවනවිට ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව නිසා ක්‍රීඩාංගණය ජලය පිරී පවතී
අද උදෑසන කාලයේ ක්‍රීඩාංගණයට තදින් අව් රෂ්මිය පතිත වුවද පස්වරු 2.00 පමණ වනවිට යළිත් තදින් වර්ෂාපතනය ඇද හැලුණි. මේ වනවිට වර්ෂාව නැවතී තිබෙන අතර, තවමත් ක්‍රීඩාංගණය වැසි ආවරණවලින් සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබෙනවා.ඒ අනුව තරගය අද දිනයේ පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කළ ද, අද දිනයෙත් නිසි වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
Update – 4.40PM
ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
ඊයේ දිනයේ නතර කෙරුණු පන්දුවාරයේ සිට තරගය ආරම්භ කෙරුණි.


