ඉන්දියාවේ හිර වෙලා ඉන්න ලංකීය නිළි ශාශ්වි බාලා

ශාශ්වී බාලා වූ සුභාෂිණි සුබ්‍රමනියම්ගේ එකම අරමුණ බලාපොරොත්තුව වෙන්නේ සිය රංගන කුසලතාවන් ඔප්නංවමින් තමන්ගේ රංගන හැකියාව ඉන්දියානු රිදී තිරය ඔස්සේ දිග හරින්නට.මේ වෙද්දී ඉන්දියාවේ තත්ත්වය ඉතාම දරුණු අතට පත්වෙමින් ලෝකයේ සියලු රටවල්වල අවධානය ඉන්දියාව දෙසට යොමු වී තිබෙනවා. ඒ නිසාම පිනිපලස අපි හිතුවා ශාශ්වී බාලා සමග කතා කරන්න.

කොහොමද චෙන්නායිවලට කොරෝනා බලපෑම?

ඇත්තම කියනවා නම් ගොඩක් දරුණු තත්ත්වයක ඉන්නේ ඉන්දියාව. හැම විනාඩි හතරකටම එක් කෙනෙක් මැරෙනවා. මේ වෙද්දී තමිල්නාඩුවේ ගොඩක් දේවල් නවතා දමා තියෙන්නේ. රෑ 10න් පස්සේ උදේ 8 වෙනකම් කවුරුත් එළියට යන්න බෑ. ගොඩක් නීතිරීති දාලා, සමහර පැතිවලට ඇඳිරිනීතිය සහ ලොක්ඩවුන් කරලා තියෙනවා. ඒ වගේම තමා තමිල්නාඩුවේ චෙන්නායිවල තත්ත්වය. ඒ හැරෙන්න සමහර බලපෑම් අඩු තැන්වල රාජකාරි කටයතු සාමාන්‍ය පරිදි සිදුවෙනවා.

1 1

මේ වගේ මොහොතක ලංකාවෙන් ඈත්ව සිටීම කොහොමද දැනෙන්නේ..

මේ වෙනකොට ලංකාවේ ඉන්න තිබුණා නම් ලොකු දෙයක්. ඒ ගැන හිතෙද්දි නම් කනගාටුවක් ඇති වෙනවා. නමුත් චෙන්නායිවල තියෙන තත්ත්ව‍ය සහ හයිද්‍රාබාද්වල තියෙන තත්ත්වයයි හරි වෙනස්. ඉතින් මම චෙන්නායිවල තියෙන තත්ත්වය එක්ක ලංකාවට යන්න ඕනේ කිව්වත් හයිද්‍රාබාද්වල තියෙන තත්ත්වය එක්ක රූගත කිරීම් කරනවා. ඒ නිසා යන්න අවසර නැහැ. මොකද අපි ඉන්නේ මේ නිර්මාණයත් එක්ක ගිවිසුම්ගතව නිසා ටිකක් කටු කාගෙන ඉන්නවා කියලා තමා කියන්න පුළුවන්.

128653860 751324445475929 4299639630071152405 n

මොකද දැන් මම ලංකාවට එන එක වගේම ලංකාවෙන් ආයේ ඉන්දියාවට එනවා කියන එකට ලොකු කාලයක් ගතවේවි. ඒ නිසා මම ලංකාවට ඇවිත් මම නිසා රූගත කිරීම් අතර මැදදී නතර වුණොත් ඒක මට ලොකුවටම බලපාන නිසා මම ඉවසගෙන ඉන්නවා. තාමත් හරියටම සැලසුමක් නැහැ. අවදානම්කාරී නැති තත්ත්වයන්වලදී මේ අය රූගත කිරීම් කරනවා. ඒ නිසා මටත් පැහැදිලි තීරණයක් ගන්න බැරි තත්ත්වයක ඉන්නේ.

ගොඩක් අය ඉන්දියාවෙන් පිටව යන පුවත් දකින්න ලැබෙනවා…

මගෙත් යාළුවෝ කිහිපදෙනෙක් ළඟ රටවල් කිහිපයකට ගිහින් තියෙනවා. නමුත් මට එවැනි තත්ත්වයක් නැහැ. මොකද මම මේ දිනවල වැඩ කරන්නේ ගුට්ටු චප්පුඩු තෙලිඟු චිත්‍රපටයේ. එහි අන්තිම රූගතකිරීම් වෙද්දී යන්නේ. රාජස්ථාන්වලයි, ගුජරාට්වලයි තමා රූගත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මේ ඇතිව තියෙන තත්ත්වය එක්ක එහි දින වෙනස් වීමක් වෙලා තියෙනවා.

2 1

ඇත්තටම මම ඉන්දියාවට වෙලා ඉන්නවා කියන්න බැහැ, ඉන්දියාවේ මම හිරවෙලා ඉන්නවා කියලා තමා කියන්න පුළුවන්.

මේ තියෙන වාතාවරණය යටතේත් ඉන්දියාවේ කලා නිර්මාණ රූගැන්වෙනවා…

සමහර තැන්වල තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයක්. ඒ තැන්වල රූගැන්වීම් කරනවා. චෙන්නායිවල පවා සම්පූර්ණයෙන්ම රූගැන්වීම් කරලා නැහැ. දැනුවත් කරලා තියෙන නීතිරීතිවල‍ට යටත්ව නිර්මාණ කටයුතු කෙරෙනවා. කෙනෙක් රූගැන්වීම්වලට එන්න කලින් වැක්සින් එක අරගෙන තියෙනවද? කොවිඩ් නෙගටිව්ද කියන ඒවා හරියටම බලනවා. ඒ සෞඛ්‍ය නීති එක්ක තමා වැඩ කෙරෙන්නේ.

ශාශ්වී මේ වෙද්දී වැක්සින් එක අරගෙනද තියෙන්නේ…

ඔව්, මම මේ වෙද්දී දෙවැනි වැක්සින් එක පවා අරගෙන තියෙන්නේ. එහෙම නැති අයට රූගත කිරීම්වලට සහභාගි වෙන්න බැහැ.

ගෙදර අය, ඔබේ පෙම්වතා කියන්නේ නැද්ද ඔය කලා නිර්මාණ වගේ නෙවෙයි ලංකාවට එන්න කියලා?

දවසට දහ සැරයක් විතර කියන එකම වචනය, ඔය මොනවත් ඕනේ නැහැ, ලංකාවට එන්න කියලා. නමුත් ඒ අයත් දන්නවා මගේ සිහින ගැන. පටන් ගත්ත දෙයක් හරියට ඉවර කරන්නේ නැතුව ඇවිල්ලා මම ආයෙත් පසුතැවෙයි. ඒ නිසා මේ හිටපු විදියට තව ටික කලක් බලමු කියන එක තමා මගේ ඔළුවේ තියෙන්නේ.

මම කවුද කියලා ඔප්පු කරන්න ලොකු ආසාවක් තියෙනවා. ඒ නිසා සියල්ල ඉවසගෙන ඉන්නවා. දැන් මේ තියෙන තත්ත්වය නම් ඉතාම බරපතළයි. නමුත් හැමදේම හොඳ විදියට හැරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ශාශ්වී කියන්නේ අභියෝග එක්ක ජීවිතේ දිනන්න උත්සහ කරන කෙනෙක්නේ, මොනවද ඉදිරි අරමුණු…

අභියෝග කියන්නේ ජීවිතේ එක කොටසක් විදියට මම දකින්නේ. මේ වෙද්දී තිරගත කිරීම්වල තියෙන ප්‍රශ්න එක්ක මම රඟපෑ දමිළ චිත්‍රපටය තිරගත කරගන්න බැරිව තියෙන්නේ. ගුට්ටු චප්පුඩු තෙළිඟු චිත්‍රපටයේ නම් මේ දවස්වලත් රූගැන්වීම් සිදුවෙනවා.

මනේන්ද්‍රන් තමා අධ්‍යක්ෂණය කරන්නේ. හීරෝ විදියට රඟපාන්නේ සන්ජේ රාඕ. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ප්‍රඩක්ෂන් ඩෝන් එන්ටර්ට්‍රේට්මන් ආයතනය. මේ මගේ පළමු තෙළිඟු අත්දැකීම නිසා ගොඩක් ආසාවෙන් ඉන්නවා මෙහි වැඩ අවසන් කරලා තිරගත වෙනවා දකින එක.

අනූෂා රණසිංහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53