ඉන්දියාවේ කොරෝනා අස්සේ කුරුලු උණත් ඉදිරියටම

කොවිඩ් වසංගතය අතරේ ඉන්දියාව තුළ කුරුලු උණ වසංගතයද වඩාත් බරපතළ තත්ත්වයකට පත් වෙමින් තිබේ. මේ වන විට ප්‍රාන්ත දහයකට එය පැතිර ගොස් ඇති බවත්, තවත් ප්‍රාන්ත ගණනාවක් ඒ සම්බන්ධ පරීක්‍ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වන විට කුරුලු උණ වාර්තා වී ඇති ප්‍රාන්ත වන්නේ කේරළ, උත්තරඛාන්ද්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, හිමාචල් ප්‍රදේශ්, හර්යානා, ගුජරාත්, දිල්ලි, මහාරාෂ්ට්‍ර, උත්තර් ප්‍රදේශ් යන ඒවායි.

මෙම ප්‍රදේශවල කුකුළන්, තාරාවන්, පරෙවියන්, මොනරුන් සහ කපුටන් වැනි සතුන් විශාල වශයෙන් මිය යමින් ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය තුළ සමහර වෙළෙඳසල්, උද්‍යාන, සත්වෝද්‍යාන ආදිය වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අතර වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා සමහර සතුන් මරා දැමීමටද තීරණය කර තිබිණි. ඇතැම් ප්‍රදේශවල මස් අලෙවිය තහනම් කර ඇති අතර කුරුලු වර්ග ඇති කරන ගොවිපළ ආදිය සම්බන්ධයෙන් දැඩි පරීක්‍ෂාවෙන් සිටීමට පියවර ගෙන තිබේ. කුරුලු උණට හේතු වන එච්5එන්1 (H5N1) නමින් හැඳින්වෙන වයිරසය මෙම සතුන්ගෙන් මිනිසුන්ටද බෝ වීමට හැකි වයිරසයකි. නමුත් ඉන්දියාවෙන් තවමත් මෙම වයිරසයට ගොදුරු වූ මිනිසුන් ගැන වාර්තා වී නොමැත.

සහන් වික්‍රමගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් රාජපක්ෂ අදත් උදෙන්ම පාර්ලිමේන්තුවට
00:56
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
00:51
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ මින්නේරියේ බිහිසුණු බස් අනතුර - බස් ‍රථයක් ඇලකට පෙරලෙයි
01:26
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30