ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කළ ඩ්‍රෝනියර් වර්ගයට අයත් (INDO – 228) ගුවන් යානය අද (15) දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබුවා.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ විසින් මෙම යානය ජනාධිපතිවරයා වෙත භාර දුන්නා.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාවය මගින් ඉහළ නැංවෙන බව සහ ඩෝනියර් 228 ගුවන් යානය තිළිණ කිරීම මේ වෙනුවෙන් ඉන්දියාවේ නවතම දායකත්වය බව මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන් ගෝර්මඩේ ඇතුළු අමුත්තන් රැසක් එක්ව සිටියා.




















