ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද දිනයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

සෙසු පළාත් වල අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව, බස්නාහිර,වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34