ඉදිරි තත්ත්වය ඉතා ම අවදානම් PHI සංගමයෙන් අනතුරු අඟවයි

දෛනිකව වාර්තා වන කොවිඩ් – 19 රෝගීන් සංඛ්‍යාවේ සංඛ්‍යා ලේඛන පිළිබඳ යම් යම් පරස්පරතා ඇති ව තිබෙන බවත් විශ්වසනීයත්වයෙන් තොර බවට අපට යම් යම් සාධක අනාවරණය වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.නව ආසාදිතයින් රෝහල් කරා ගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ද රට තුළ පවතින ඉතා ව්‍යාකූල බවද ඔහු පෙන්වා දෙයි.

මහජනතාවත් මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් විශ්වසනීයත්වක් නොමැති ආකාරයට කටයුතු කරන බවත් කොරෝනා වැළඳි මියයන පුද්ගලයින් සම්බන්ධවත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වෙන බවත් හෙතෙම සඳහන් කළේය. එමෙන්ම ඉදිරියට ඇති විය හැකි තත්ත්වය ද ඉතා ම අවදානම් බවට උපුල් රෝහණ මහතා  අනතුරු අඟවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“දෛනිකව වාර්තා වන කොවිඩ් – 19 රෝගීන් සංඛ්‍යාවේ සංඛ්‍යා ලේඛන පිළිබඳ යම් යම් පරස්පරතා ඇති ව තිබෙනවා. විශ්වසනීයත්වයෙන් තොර බවට අපට යම් යම් සාධක අනාවරණය වෙනවා. මේ නිසා මහජනතාවත් මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් විශ්වසනීයත්වක් නොමැති ආකාරයට තමයි කටයුතු කරන්නේ. ඒ වගේම ඇති වෙන මරණ සම්බන්ධවත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වෙනවා. මේ මරණවල සංඛ්‍යා ලේඛන සම්බන්ධව. මේ වන විට රසායානාගාර පරීක්ෂණ වාර්තාවක් ලැබීම සඳහා අවම වශයෙන් දින 5ක කාලයක් ගතවෙනවා. ඒ වගේම ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවල දින 15කට ආසන්න කාලයකුත් ගතවෙන කාලයක් අපිට නිරීක්ෂණය වෙනවා. මේ රසායනාගාර වාර්තා ලබා දීමට ලබාදුන් ඇතැම් පීසීආර් පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම් වාර්තා වෙනවා. මේ අස්ථානගත වුණ තොරතුරු හා කල් පහුවුණු සංඛ්‍යා ලේඛන සමග අපිට තවදුරටත් මේ ගනුදෙනුව කරන්න බෑ කියන එක තමයි පේන්නේ. ඒ නිසා රසායානාගාර සම්බන්ධයෙන් ඉදිරියට විදිමත්ව හා යම් වගකීමකින් කටයුතු කළ යුතුයි යන්න අවධාරණය කරනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43