ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මැද 2024 අයවැය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළා – ජනපති

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය පසුගිය 17 වනදා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමින්.

දෙවැනි වරට පැවැත්වූ මෙම සමුළුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේදි ආරම්භ වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නායකයින් රැසක් ඊට එක්ව සිටියා.

සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කළ ආරාධනයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සංවිධානය කරමින් ඉන්දියාව සිදු කරන කාර්යභාරය ද අගය කළා.

පළමු වරට පැවැත්වූ ගෝලීය දකුණේ හඬ සමුළුවේ වැදගත්කම පිළිබිඹු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නායකත්වය සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ප්‍රමුඛතා කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා එමඟින් ඇති වූ ධනාත්මක බලපෑම අගය කරනු ලැබුවා.

ඉන්දියාවේ සභාපතිත්වය යටතේ පැවති G20 සමුළුවේ සාර්ථකත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ ප්‍රධාන ප්‍රමුඛතා සහ විවිධ ගැටළු හඳුනාගැනීමට එමගින් හැකි වූ බවයි සඳහන් කළේ.

පසුගිය වසරේ පැවති පළමු සමුළුවේදී, ආර්ථික ගැටළු, එනම් ණය පියවීමේ දුෂ්කරතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ සඳහා පවතින සීමිත ප්‍රවේශය වැනි ගෝලීය දකුණ විසින් මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව තමා දැක්වූ අදහස් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළා.

මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ G20 රටවල් අතර පාලමක් ලෙස ඉන්දියාව ක්‍රියාකිරීම සහ බහුපාර්ශ්වික ආයතනවලින් හා සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවලින් මේ සඳහා බාහිර ආධාර අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීම සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය පිළිබඳ නිල ණය හිමියන්ගේ කමිටුව විසින් අත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද සඳහන් කර තිබෙනවා.

මෙහිදී ණයගැතිභාවය පිළිබඳ ගැටලුවේ සංකීර්ණත්වය වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මේ සඳහා තිරසාර විසඳුම් සෙවීම වෙනුවෙන් ණයහිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර සහයෝගීතාවක් ඇති කර ගත යුතු බවයි කියාසිටියේ.

අනාගතය දෙස බලමින් දිගුකාලීන වර්ධනයක් සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

තමා පසුගියදා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ එක්ව එළිදක්වන ලද හවුල්කාරීත්ව දැක්ම තුළ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඩිජිටල්කරණයේ දී අද ඉන්දියාව ඉහළ සාර්ථකත්වයක් ලබා ඇති බවත්, එම ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේ.

ආර්ථික වර්ධනයේ දී මෙන්ම ඵලදායී රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්කරණයේ දියුණුව අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01