ඈන් කුමරිය ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය සිය තෙදින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද (13) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය

ඈන් කුමරිය , ඇයගේ දූත පිරිස 07 දෙනෙකු සමග එසේ පිටත්ව ගොස් තිබුණි .

මෙම පිරිස අද (13) දින අලුයම 02.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 505 දරණ ගුවන් යානයෙන් ලන්ඩන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .

ඈන් කුමරිය ඇතුළු පිරිස ඉකුත් (10) දින පස්වරු 01.06 ට සිය තෙදින නිල සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .