ඇෆ්ගනිස්ථානය පැරදූ දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. තරගය පැවැත්වුනේ අහමදාබාද්හිදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කළා. තම පළමු ජාත්‍යන්තර ශතකය අබියසට පැමිණ සිටි Azmatullah Omarzai ලකුණු 97යි. Rahmat Shah, Noor Ahmad ලකුණු 26 බැගින් සහ Rahmanullah Gurbaz ලකුණු 25ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Gerald Coetzee කඩුලු 4ක්, Lungi Ngidi සහ Keshav Maharaj කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට හිමි වූ ඉලක්කය ලකුණු 245ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර 47යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Rassie van der Dussen නොදැවී ලකුණු 76ක් ලබා ගත්තා. Quinton de Kock 41යි.

Mohammad Nabi සහ Rashid Khan කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56