spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය

සංචාරක ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී ඇෆ්ගනිස්තානු නායකයා කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහර දුන් අතර පන්දුවාර 48.2 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 228 ක් ලබා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසියේ Rahmanullah Gurbaz සමගින් Ibrahim Zadran යි.

සද්‍රාන් දැවී යන විට සිය ලකුණු 10 ඉදිරියෙන් හතරේ පහර 02ක් සටහන් කරගෙන තිබුණා.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 109 ක සබඳතාවක් පවත්වාගෙන යන්නට ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz ට සහ Rahmat Shah ට හැකි වීය.

කෙසේවෙතත් ලකුණු 27ක් තුළ පළමු කඩුල්ල බිඳ වැටුණු පසු එතැන් සිට ගුර්බාස් සමග එක් වූ ෂා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත අයුරින් පහරදෙන්නට වුණා.

ඒ අනුව ගුර්බාස් සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කරන්නට සමත් වූයේ ඊට හතරේ පහර 04ක් සහ ඊට නොදැවෙනි හයේ පහර 04ක් ද එල්ල කරමින්. ගුර්බාස්ට හයියක් වූ ෂා ද අර්ධ ශතකයක් ලබා ගත් අතර එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ 22 වැනි අර්ධ ශතකයයි.

Rahmanullah Gurbaz ලකුණු 68ක් රැස් කරගත් අතර Rahmat Shah 58ක් රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?