ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දරුණු ත්‍රිරෝද රථ අනතුරක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල, නවය කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරලී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ පුද්ගලයන් හතරදෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ඔවුන් සිව්දෙනාම බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිස් දෙකක පුද්ගලයෙක්.

තුවාල ලැබූ අනෙක් තිදෙනා වැල්ලවාය මූලික රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූවන් වයස අවුරුදු 24, 29 සහ 34 යන වයස්වල පසුවන්නන් වන අතර, මොවුන් රත්නපුර සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම පිරිස කරදගොල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට පැමිණ ඇති අතර, ඔවුන් රාවණා දිය ඇල්ල නැරඹීමට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරනවා.

  1. මුන් මේ බිත්තර කටුවට නැංගම හිතාගන ඉන්නේ හමර් එකක් කියලා
    පොඩි එවුන්ගේ අරුමෝසම් එල්ලගන වෙට්ටු දාගන ගිහිං ඔය කරගන තියෙන්නේ?
    කාළකන්නිම හැත්තක් ඔය 3වීල් වල ඉන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06