ඇමරිකා තානාපතිනියගෙන් ශ්‍රී ලංකා රජයට ඉල්ලීමක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනයට අදාළව ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහතික කරන ලෙස එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් තානාපතිවරිය පැවසුවේ, ශ්‍රී ලංකාව ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සාකච්ඡා කිරීමේදී තාක්ෂණික අංශයෙන්, සිවිල් සමාජයෙන් සහ විවිධ ප්‍රවීණයන්ගෙන් අදහස් ලබා ගැනීම ඉතා වැදගත් බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල හොඳම භාවිතයන්ට අනුකූලව ත්‍රස්ත විරෝධී නීති සංශෝධනය කිරීමට දුන් ප්‍රතිඥාවට ගරු කරන ලෙස ද තානාපති චන්ග් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සහ මූලික නිදහස යන දෙකම ලැබිය යුතු බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ඵලදායි නීති සම්පාදනය හරහා නිවැරදි සමතුලිතතාවය ඇති කිරීම, නීත්‍යානුකූලව රැස්වීමේ නිදහස සහ තර්ජන ඵලදායී ලෙස විසඳීමට නීතිය ක්‍රියාත්මක කිරීම බල ගැන්වීම යන දෙකම සහතික කරනු ඇති බව ද ඇමරිකා තානාපතිනිය සිය ට්විටර් සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කරමින් රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එහි දැක්වෙන්නේ මෙය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහා ද, තහනම් කාර්යය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්යය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතක් බවයි.

මෙම පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණේ සැප්තැම්බර් මස 4 වැනිදායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49