ඇමරිකාව කළ විනාශයට ඉරානයේ ප්‍රතිචාර කෙසේ වේවිද ?

ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලට ඉරානය ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය කෙබඳු ද යන්න පිළිබඳව සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ මැද පෙරදිග අධ්‍යයන අධ්‍යක්ෂ ස්ටීවන් සූන්ස් අදහස් දක්වා තිබෙනවා.

ඔහු මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ අල් ජසීරා පුවත් සේවය සමඟයි.

එහිදී ස්ටීවන් සූන්ස් පවසා ඇත්තේ එක්සත් ජනපද ප්‍රහාරවලට ඉරානයට ප්‍රතිචාර දැක්වීමට විකල්ප ගණනාවක් පවතින බවයි.

ඔවුන්ට ඇමරිකානු හමුදාවන්ට සෘජුවම පහර දිය හැකි බවත්, ඉරාන මිසයිල පමණක් නොව ඩ්‍රෝන යානා සහ අනෙකුත් ආයුධ පරාසය තුළ මෙම ප්‍රහාර එල්ල කළ හැකි බවයි ස්ටීවන් සූන්ස් පවසන්නේ.

ඉරාන වෙරළට මදක් ඔබ්බෙන් පර්සියානු ගල්ෆ් කලාපයේ ස්ථාපිත කර ඇති ඇමරිකානු බලඇණියක් ඇති බවත්, ඉරානය ඊට පහර දුන්නොත් ඔවුන් ද අවදානමට ලක්විය හැකි බවයි ස්ටීවන් සූන්ස් වැඩිදුරටත් පවසන්නේ.

එය ගෝලීය නැව්ගත කිරීමට බලපෑම් කළ හැකි අතර, තෙල් මිලට මෙන්ම සමස්ත ගෝලීය ආර්ථිකයටම බලපාමක් ඇති කරනු ඇති බවයි ඔහුගේ මතය වී ඇත්තේ.

එමෙන්ම ඉරාකයේ පිහිටුවා ඇති ඇමරිකානු කඳවුරු ඉලක්ක කළ හැකි ප්‍රොක්සි මිලීෂියා භටයන් ද ඉරානය සතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ, අනුව ඉරාන ප්‍රතිප්‍රහාරයේ දී ඇමරිකානු හමුදා අවදානමට ලක්විය හැකි ක්‍රම ගණනාවක් පවතින බවත්, ඉරානය මෙම අවස්ථාවන්ගෙන් කිහිපයක්වත් ඉලක්ක කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි ස්ටීවන් සූන්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර මැදපෙරදිග තුළ එක්සත් ජනපදයේ හමුදා කඳවුරු කිහිපයක්ම පිහිටා ඇති අතර, එම කඳවුරු තුළ ඇමරිකානුවන් 40,000ත් 50,000ත් අතර පිරිසක් රැඳී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුර (කලාපයේ විශාලතම ගුවන් කඳවුර), බහරේනයේ එක්සත් ජනපද නාවික හමුදා පස්වන බලඇණිය, ඉරාකයේ අල් අසාද් ගුවන් කඳවුර සහ හරිර් ගුවන් කඳවුර, දකුණු සිරියාවේ අල් ටන්ෆ් ගැරිසන් හමුදා කඳවුර, කුවේටයේ අලි අල්-සාලම් ගුවන් කඳවුර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් දෆ්රා ගුවන් කඳවුර ඇතුළු ඇමරිකානු හමුදා කඳවුරු ගණනාවක් මැදපෙරදිග තුළ පවත්වාගෙන යනු ලබනවා.

මැදපෙරදිග තුළ පවත්වාගෙන යන එක්සත් ජනපදයේ හමුදා කඳවුරු පහතින්.

1 4
  1. අමෙරිකාව හිතන්නෙ නැත අසරන රටවල් සහ ඒ මිනිසුන් ගැන, මිනි මැරිම උන්ට ආස්වාදයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14