ඇමරිකාවේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරියෙකු ඇතුළු 20 දෙනෙක් හදිසියේම දිවයිනට

ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුත් පිරිසක් ඊයේ (14) රාත්‍රී 07.00ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර, ඊයේ (14) දින පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබූ බවයි ගුවන්තොටුපොළ “දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C – 17 A Globemaster – ¡¡¡ වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ඔවුන් භාවිත කර තිබූ අතර, මෙම ගුවන් යානා ග්‍රීසියේ සිට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයාගෙන් විමසීමක් කළ විට ඔහු සදහන් කළේ මෙය Top Sectrat Movement එකක් බවයි .

මෙම ගුවන් යානා ඊයේ (14) දින රාත්‍රී 07.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ අතර, එයින් සුළු වෙලාවකට පසුව පොලිස් පෙර ගමන් රථ දෙකක් ඇතුළු වාහන 12ක රථ පෙළකින් මෙම පිරිස කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

මෙම රථ පෙළ ගමන් ගන්නා කාළසීමාව තුළ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

මෙම ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අද (15) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ආපසු පිටත්ව යාමට නියමිතව තිබූ බවයි ගුවන්තොටුපොළ “දසත නිවුස්’ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47