ඇමරිකාවෙන් ඩොලර් 77 ලක්ෂයකට වැඩි ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක්

ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයකින් ශ්‍රී ලංකාවට ඩොලර් හත් ලක්ෂ හැත්තෑ තුන් දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් හදිසි ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩිනමින් අවශ්‍ යව ඇති විටමින්, නිදන්ගත රෝග සඳහාවන ඖෂධ, සිරින්ජර්, කැතීටර් සහ අත්වැසුම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් මෙලෙස පරිත්‍යාග කර ඇති බවයි වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්ලය සඳහන් කළේ.