ඇමරිකානු අහසට ආ චීන බැලූන බුද්ධි තොරතුරු වැඩසටහනක පියවරක් බවට ධවල මන්දිරයෙන් චෝදනා

අවසරයකින් තොරව ඇමරිකානු අහස් සීමාවට ඇතුළු වී තිබූ චීන බැලූනය බුද්ධි තොරතුරු රැස් කිරීමට සම්බන්ධ බවට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් තහවුරු කළා.

ඇමරිකාව ආරම්භයේ සිටම චෝදනා කළේ එය ඔත්තු බැලීම සඳහා චීනය විසින් යොමු කරන ලද බැලූනයක් බවටයි.

චීන ජනතා විමුක්ති හමුදාවට සම්බන්ධ බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා ඉහළ අහසට යොමු කළ හැකි බැලූන වැඩසටහනක් චීනය විසින් ආරම්භ කර ඇති බවටයි කර්බි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

චීන ඔත්තු බැලූන වැඩසටහන එක්සත් ජනපදයේ සමීප මිත්‍රයින් සහ හවුල්කරුවන් ඉලක්ක කර ගෙන තිබුණ ද  බුද්ධි තොරතුරු රැස් කිරීම අතින් ඉතා සීමිත හැකියාවක් පමණක් ඒවාට ඇති බව ඔහු ප්‍රකාශ කළා.

“මෙම චීන නිරීක්ෂණ බැලූන් අපගේ සමහර මිත්‍ර පාක්ෂික සහ හවුල්කාර  රටවල් ගණනාවකට ගොස් ඇති බව අපි දන්නවා. බුද්ධි තොරතුරු වේදිකාවලදී ඒ සඳහා මේ මොහොතේ ඇත්තේ සීමිත වටිනාකමක් වුවත් අනාගතයේදී වඩාත් වටිනා විය හැකි බවට අපි තක්සේරු කරනවා”යැයි කර්බි මාධ්‍ය හමුවේ සඳහන් කළා.

එහෙත් ඔහු සඳහන් කළේ ඇමරිකාව විසින් මෑතකදී වෙඩි තබා බිම හෙළන ලද හඳුනා නොගත් වස්තූන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය තවමත් නිශ්චිත කරුණු නොදන්නා බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ සමයේ ද මෙම  ඔත්තු බැලූන වැඩසටහන ක්‍රියාත්මක වූ නමුත් බයිඩ්න් පරිපාලනය මෙන් ඔහුගේ පරිපාලනයට ඒවා හඳුනා ගැනීමට නොහැකි වූ බවයි කර්බි පවසන්නේ.

මෑත කාලීනව වාර්තා වූ පියාසර  වස්තු තුන මොනවාදැයි රජය නොදැන සිටිය ද ඒවාට වෙඩි තැබීමේ තීරණය ඔහු මෙහිදී  ආරක්ෂා කළා.

ඒ, බොහෝ ගුවන්යානා ඊට සමාන්තර ඉහළ අහසෙහි පියාසරන බැවින්  සිවිල් ගුවන් ගමන් ගමනාගමනයට එය තර්ජනයක් විය හැකි බව පෙන්වා දෙමින්.

වෙඩි තැබූ ස්ථානවල ඇති හුදකලා සහ කටුක තත්ත්වයන් හේතුවෙන් විශ්ලේෂණය කිරීම සඳහා සුන්බුන් සොයා ගැනීමට ඇමරිකානුවන් දරණ උත්සාහයට බාධාවක් මතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06