ඇමති මහින්දානන්ද රන්ජන්ගේ මිලියන 500යේ නඩුව ඉල්ලා අස්කරගනි..!

මේ වන විට සිර දඬුවමට ලක්ව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව 2016 වසරේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මහින්දානන්ද අලුත්ගමගේ විසින් ගොනුකරන ලද නඩුව ඉල්ලා අස්කර ගැනීමට අද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කර තිබුණි.

මෙහිදී අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව ඉල්ලා අස්කරගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සමාව දුන් බවයි.

2016 .06.21 වැනි දින මාදිවෙල මන්ත්‍රී නිවාසයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ඩිෆෙන්ඩර් රථයක් පෙන්වා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසින් පහරදීමකට හා ඝාතනයකට සම්බන්ධ රථයක් දමා ගොස් ඇති බවට චෝදනා කරනු ලැබුවා.

එහෙත් එම ඩිෆෙන්ඩර් රථය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ නොව බවට සනාථ වී තිබුණා.

එම සිද්ධියෙන් පසු තමන්ට සිදු වූ විශාල හානිය පදනම් කරගෙන රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොණු කිරීමට කටයුතු කර තිබුණා.

එහෙත් මේ වන විට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුවන අසරණ තත්ත්වය හමුවේ මෙම නඩුවද විභාග වී ඔහුට තවත් වසර කිහිපයකට හෝ සිරගත වීමට සිදුවන හෙයින් තමන් එම නඩුව ඉල්ලා අස්කරගැනීමට කටයුතු කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

රන්ජන් රාමනායක අහිංසක මනුස්සයෙක් වන බවත් ඔහුව ඇතැමුන් නොමඟ යවා ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14