ඇමති බිමල් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ හදිසි නිරීක්ෂණයක

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ දින (12) කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට සහ එහි පැවති සාකච්ඡාවකට එක් වුණා.

එම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද සහභාගීව සිටියා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන ලද පුළුල් ප්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතුවලින් අනතුරුව, මෙරට ප්‍රධානතම පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෑතකදී යළි විවෘත කරනු ලැබුවා.

රුපියල් මිලියන ගණනක පිරිවැයකින් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය, පොදු ප්‍රවාහන යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් රජයේ “Clean ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද්දක්.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්‍ෂණය කළ අතර, එහි පවතින පහසුකම්, සේවාවන් සහ මෙහෙයුම් කටයුතු සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලුවා.

.අනතුරුව පැවැති සාකච්ඡාවේදී, බස් පර්යන්තයේ නඩත්තු කටයුතු, මෙහෙයුම් කළමනාකරණය, දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, ආරක්ෂාව මෙන්ම එහි දෛනික ක්‍රියාකාරිත්වයේදී මතුවන විවිධ අභියෝග පිළිබඳව අවධානය යොමු වුණා.

එමෙන්ම, මගී පහසුව, රථවාහන ගමනාගමනය, පිරිසිදුකම සහ සමස්ත මෙහෙයුම් කාර්යක්‍ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගත යුතු ප්‍රායෝගික පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සහ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයින් ද සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16