ඇමති බන්දුලගෙන් පොරොන්දුවක්

මහාමාර්ග අමාත්‍යංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මග නැගුම ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම මගින් සිදුකළ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති වලට සම්බන්ධව ගෙවීම් ප්‍රමාද වී තිබෙන ඉදිකිරීම් සමාගම්වල නියෝජිතයින් පිරිසක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

බත්තරමුල්ල- සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මග නැගුම ඉදිකිරීම් හා යන්ත්‍රොපකරණ ආයතනය මගින් මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදුකර ගෙවීම් ප්‍රමාද වී ඇති සියලුම ඉදිකිරීම් සමාගම්වලට සහ මෙතෙක් ගෙවීම් ප්‍රමාද වූ සියලු ඉදිකිරීම් කරුවන්ට හිමි විය යුතු සියලුම මුදල් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට කටයුතු කරන බවයි.

රට තුළ ඉතා විශාල ආර්ථික අර්බුද තත්වයක් පැනනැගී තිබුනත් මේ වන විට ඉදිකිරීම් ඇන හිටීමෙන් සහ හිඟ මුදල් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ඉදිකිරීම් සමාගම් වලට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 11.6ක භාණ්ඩාගාර බැදුම්කරයක්‌ ලබා දී තිබෙනවා.

එය වට්ටම් කිරීමෙන් අනතුරුව මෙම සියලුම මුදල් ගෙවීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කරනු ඇති.

එතෙක් පෙබරවාරී 3 දිනම ගෙවීමට ඇති මුදලින් 40 %ක කොටසක් එම සියලුම සමාගම් වෙත ගිණුම් ගත කිරීමට ද අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා.

එසේම මාර්තු 30 වනදාට ප්‍රථම තවත් 30% ක මුදලක්ද, ඉතිරි 30%ක කොටස සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා අවසන් කිරීමට ද සියලු කටයුතු සුදානම් කර අවසන් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09