ඇමති චාමර සම්පත් වැඩ තහනම් කළ පොස්පේට් නිලධාරීන්ට අර්ධ වැටුප්

අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ නියෝග මත තම සේවය තහනම් කිරීමට ලංකා පොස්පේට් සමාගම ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන එම සමාගමේ සැපයුම් කළමනාකරු එස්. ඒ. අබේසිරි සහ මෙහෙයුම් කළමනාකරු එස්. ඩී. රූපසිංහ යන මහත්වරුන්ට අර්ධ වැටුප් ගෙවීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණි අමරසේකර සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි මෙම පෙත්සම් කැඳවනු ලැබුවේ.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සලකා බලන තෙක් පෙත්සම්කරුවන්ට අර්ධ වැටුප් ගෙවීමට වගඋත්තරකරුවන් එකඟ වන බවයි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙසත් අධිකරණය දින නියම කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය චාමර සම්පත් දසනායක, ලංකා පොස්පේට් සමාගමේ සභාපති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පසුගිය ජූලි මස 7 වනදා එප්පාවල ලංකා පොස්පේට් සමාගමට පැමිණි බවයි.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා තමන් වෙත පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මාධ්‍ය ඉදිරියේ අපහසුතාවයට ලක් කර වැඩ තහනම් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි එම සමාගමේ නිළධාරීන් දෙදෙනා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25