ඇප මත සිටි ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරුවා පොලිස් අත්අඩංගුවට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන මයිකල් ස්ලේටර් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මයිකල් ස්ලේටර් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසු ඔහු රෝහල් ගත කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ පිහිටි නිවසකදී 52 මයිකල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවකගේ නිවසක් තුළ කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගැනුණු මයිකල් ස්ලේටර් මානසික සෞඛ්‍ය තක්සේරුවක් සඳහා රෝහල් ගතකර ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

මේ අතර මයිකල් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමඟ සිටි කාන්තාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් යොදවා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මයිකල් ස්ලේටර් මීට පෙර පහරදීම, ලුහුබැඳීම සහ බිය ගැන්වීම ඇතුළු චෝදනා රැසකට වරදකරුවෙකුව දැඩි ඇප මත සිටින අයෙකු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37