spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇඳිරි නීතිය පිළිබඳව අලුත්ම තීරණය මෙන්න

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 6 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.

කෙසේ වෙතත් මීට පෙර සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ 30 වැනිදායින් පසු රට තවදුරටත් නොවසනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ඇතැම් දේවලට හදවතින් එකඟ නොවුනත් සෙසු අයගේ අදහස් වලට ඇහුම්කන් දී එම ඉල්ලීම් ඉටු කිරීමට ද සිදුවන අවස්ථා ඇතැයි ඒ මහතා පැවසිය.

අඩු ආර්ථිකයක් පවතින රටක් වසාගෙන ඉදිරියට යා නොහැකි යැයිද කී ඔහු මහ ජනතාවගේ සහයෝගය උපරිම ලබාගෙන කොරෝනා වසංගතය පාලනය කිරීම වඩා ප්‍රායෝගික බව තම අදහස බවද කියා සිටී.

ලෝකයේ කිසිම රටක් ඇඳිරි නීතිය දමා වසංගත ව්‍යාප්තිය විසඳාගෙන නැතැයි පැවසූ ඔහු රට වසා දමන්නැයි ඉල්ලීම් කල පිරිස් අතර පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.

ඔවුන්ගේ යටි අරමුණු අවබෝධ නොවීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.

21 61289b46e8894
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?