spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇතැම් ස්ථාන වලට මි. මි. 75ට වැඩි තරමක තද වැසි

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශසහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඊයේ (දෙසැම්බර් මස 06) සවස් කාලය වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් (ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින්) ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්ක හරහා තමිල්නාඩු වෙරල තීරයට ලගා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.එම පද්ධතියේ බලපෑමෙන්දෙසැම්බර් මස07, 08 සහ 09 යන දින වලදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසිසහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇතිවේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු වේ

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?