ආසියාවේ ශූරයින් තෝරන ආසියානු කුසලාන ක්‍රිකට් වසන්තය අද සිට

ආසියාවේ ශූරයින් කවුරුන් ද යන්න තීරණය කරන, 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍ය දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය පන්දු වාර විස්සයි විස්ස ආකෘතිය යටතේයි පැවැත්වෙන්නේ.

අද (27) ඇරඹෙන තරගාවලිය ලබන සැප්තැම්බර් 11 වනදා අවසන් වීමට නියමිත අතර, මෙවර සියලු තරග රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ තරග සියල්ල ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ සාජා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි පැවැත්වෙන්නේ.

ආසියානු කුසලාන තරගාවලි ඉතිහාස්‍ය දෙස හැරී බලන විට පළමු ආසියා කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 1984 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් එක් වූ අතර, තරගාවලිය ජයග්‍රහණය කළ ඉන්දියාව,පළමු ආසියා කුසලානය තම මව්බිමට රැගෙන ගියා.

එදා සිට මේ දක්වා ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලි 14ක් පවත්වා ඇති අතර, ඉන් අවස්ථා 13කදීම තරගාවලිය පැවැත්වුණේ එක්දින තරග ආකෘතියෙන්.

2016 වසරේ පැවැති තරගාවලිය පන්දු වාර විස්සයි විස්ස තරග ආකෘතියෙන් පැවැත් වුණා.

ඒ, අනුව මේ දක්වා ආසියානු කුසලාන තරග ඉතිහාසයේ පවත්වා ඇති තරගාවලිය සංඛ්‍යාව 14ක්.

එම තරගාවලි 14 පිළිබඳව සළකා බැලීමේ දී, ඉන්දියාව අවස්ථා 07ක දී, ශ්‍රී ලංකාව අවස්ථා 05ක දී සහ පාකිස්ථානය අවස්ථා 02ක දී ආසියානු ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව අවස්ථා 06ක දී අනුශූරතාව දිනාගෙන තිබෙන අතර, ඉන්දියාව සහ බංග්ලාදේශය අවස්ථා 03ක දීත්, පාකිස්ථානය අවස්ථා 02ක දීත් අනුශූරතාවට හිමිකම් කීමට සමත් වුණා.

අවසන් වරට පැවැති ආසියා කුසලාන තරගාවලිය ජය ගැනීමට සමත් වූ ඉන්දියාව වර්තමාන ආසියානු ශූරයින් ලෙස ක්‍රිකට් ලෝකයේ වැජඹෙනවා.

ඉන්දියාව මේ මොහොතේ ආසියානු ශූරයින් ලෙස ක්‍රිකට් ලොව වැජඹෙද්දී, වැඩිම අවස්ථා ගණනක දී ආසියානු කුසලාන අවසන් මහා තරගයට පැමිණි කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අවස්ථාව 14කදී පැවති ආසියානු කුසලාන තරගාවලිය ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවස්ථා 11ක දී අවසන් මහා තරගය නියෝජනය කර තිබීම විශේෂත්වයක්.

ඉන්දියාව අවස්ථා 10ක දී අවසන් මහා තරගයට පැමිණි අතර, පාකිස්ථානය අවස්ථා 04ක දී සහ බංග්ලාදේශය අවස්ථා 03ක දී අවසන් මහා තරගය නියෝජනය කළා.

මෙවර තරගාවලිය සඳහා A කාණ්ඩය නියෝජනය කරමින් ඉන්දියාව, පකිස්තානය සහ හොංකො රාජ්‍යය තරග වැදීමට නියමිත අතර, A කාණ්ඩය නියෝජනය කරන හොංකො කණ්ඩායම තෝරා ගනු ලැබුවේ තෝරාගැනීමේ තරගාවලියකින්.

එම තරගාවලිය ඕමානයේ දී පැවැත්වෙන අතර, හොංකොං, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් යන කණ්ඩායම් තරග වැදුණා.

ආසියා කුසලානය සඳහා B කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය මෙවර තරග බිමට පිවිසෙනවා.

මෙවර තරගාවලියේ පළමු තරගය අද (27) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

උණුසුම් වැලිකතර තව තවත් උණුසුම් කරමින් ආසියානු ශූරයින් තෝරන මෙවර තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පළදින්නට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සුභාශිංසන පිරිනමනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36