spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානයේ නිල නොලත් වීරයින්ට විශාල ත්‍යාග මුදලක්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

මෙම තරග පැවැත්වෙන අතර තුර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා විසින් සිය නිල එක්ස් (ට්විටර්) ගිණුමට සටහනක් එක්කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එහි ඔහු සඳහන් කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ නිල නොලත් වීරවරයන් වන ක්‍රීඩාංගණ සේවකයින්ට විශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවයි.

ඒ, අනුව ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින් වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
4
+1
33
+1
4
+1
3
+1
1
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?