ආසියානු කුසලානයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් එළියට විසිවෙයි

2022 ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (19) ප්‍රකාශයට පත් කළා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙක් ඇතුළත්.

පිතිකරුවන් හයක්, තුන් ඉරියව ක්‍රීඩකයින් හයක් සහ පන්දු යවන්නන් අට දෙනෙකුගෙන් මෙම සංචිතය සමන්විත වෙනවා.

දසුන් ශානක (නායක), ධනුෂ්ක, ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක (උප නායක), භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුසංක, මතීෂ පතිරණ, දිනේෂ් චන්දිමාල්, නුවනිඳු ප්‍රනාන්දු, කසුන් රාජිත මෙම සංචිතයට නම්කර සිටින ක්‍රීඩකයින්.

මේ අතර මෙම සංචිතයට සඳහා නම්කර සිටි වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිතට මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා ම ආබාධයන්ට ලක්වීම හේතුවෙන්.

බිනුර සහ රාජිත වෙනුවට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ප්‍රමෝද් මදුෂාන් සහ අසිත ප්‍රනාන්දු ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

අසිත ප්‍රනාන්දු නිමා වූ ආරාධිත පනදුවාර විස්සයි විස්ස තරගාවලියේ වීරයා බවට ද පත්වුණා.

කෙසේ වෙතත් ඔහු මෙවර ආසියානු කුසලාන වෙනුවෙන් නම් කළ පළමු ක්‍රීඩකයින් 20 දෙනාගෙන් සමන්විත සංචිතයට නම් නොකිරීම ද පුදුමයට කරුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30