ආර්ථික අර්බුදයෙන් මීදීමට ලෝක බැංකුවේ පූර්ණ සහාය

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය පූර්ණ සහය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම කැපවීම පැසසිය යුතු බවයි. අයියර් මහතා මේ අදහස් පළ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග අද (15) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දී ය. එහි දී මෙරට සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය සේමසිංහ මහතා කියා සිටියේ අදාළ පනතේ නව විධිවිධාන පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වීම සතුටට කරුණක් බවයි. එසේ ම අදාළ ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය විනිවිධභාවයෙන් යුතු ස්වාධීන එකක් බව හෙතෙම අවධාරණය කළේ ය. ඉන්දියාවේ ක්‍රියාත්මක සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන් පිළිබඳ අත්දැකීම් විස්තර කළ අයියර් මහතා නව සුබ සාධන ක්‍රියාවලිය පිළිබඳ සිය ප්‍රසාදය එක් කළේ ය.

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆැරීස් හඩාඩ් සර්වෝස් මහතා ද එක්විය. මුදල් අමත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද අමාත්‍යාංශය වෙනුවෙන් ඊට සහභාගී වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00