ආර්ථික අර්බුදයට වගකිවයුත්තන්ට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත්

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හේතු වූ පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි මෙම පෙත්සම් විභාගය පැවැත් වෙන්නේ.

එහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජුලියන් බෝලින් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.

ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි විගසම රුපියල් බිලියන 600ක පමණ බදු කප්පාදුවක් සිදු කළ බවත් එසේ කප්පාදු කිරීමෙන් අහිමිවන රාජ්‍ය ආදායම යළි අයකර ගැනීමේ ක්‍රමවේදයක් එම රජය සතුව නොතිබූ බවයි.

මෙසේ කප්පාදු කරන බදුවලට අදාල මුදල් යළි ආයෝජන වලට එක්වනු ඇතැයි රජය අපේක්ෂා කළ ද එවැන්නක් සිදු නොවූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ඉහළ ගොස් උද්ධමනය පාලනය කළ නොහැකි ආකාරයට ඉහළ ගිය බවත් සඳහන් කළා.

මෙම තත්ත්වය වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුවක් වූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ අවසානයේ දී මුදල් අච්චු ගැසීමට සිදු වූ බවයි.

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වූ මුල් අවස්ථාවේදීම ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආර්ථික විශ්ලේෂකයින් රජය වෙත පෙන්වා දුන්නත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබාගැනීම සඳහා රජයට වසර එකහමාරක් පමණ ගත වූ බවටත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

2019 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක විදේශ සංචිත පැවතියත් 2022 වසර වනවිට එම ප්‍රමාණය මිලියන 20 ක් දක්වා පහත වැටුනු බව එවක මුදල් අමාත්‍ය අලි ශබ්රි විසින් පිළිගෙන තිබුණේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ එම සංචිත ප්‍රමාණය දිනකට අවශ්‍ය ආනයන පවා ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් නොවූ බවයි.

ඉන් අනතුරුව වැඩිදුර විමසීම හෙට දිනය දක්වා කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52