ආයුධ සමග ඇල්ලූ කපුවා රිමාන්ඩ්

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ තියුණු කඩු හතරක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන අප්‍රේල් මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මිනුවන්ගොඩ, අස්සැන්නවත්ත ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් සිටි සැකකරුට මෙම නියෝගය ලබාදුන්නේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මියයි.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් පැය 48ක රැඳවුම් නියෝග මත බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකරුව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

මංජු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුව 9MM වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවිය සැකකරු සන්තකයේ තිබියදීත් තියුණු කඩු හතර සැකකරුගේ දේවාලය තුළ සඟවා තිබියදී පෑලියගොඩ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනුයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

එම ගිනි අවිය සහ කඩු යම් අපරාධයක් සිදු කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව අධිකරණයේදී පොලිසිය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14