ආන්දෝලනයකට ලක්වූ රිය අනතුරක නඩු තීන්දුව ප්‍රකාශයට පත්වෙයි

2019 වසරේ පෙබරවාරි මාසයේදී කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේ දී පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතාට රිය අනතුරක් සිදු කර බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිර දඬුවම් හා දඩ නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ.

ඒ අනුව විත්තිකරුට වසර 2ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 15 කට අත්හිටුවන බව නියෝග කළා.

ඊට අමතරව රුපියල් එක්ලක්ෂ පනස්දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා මියගිය පුද්ගලයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 26ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

එමෙන්ම අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයාගේ යතුරුපැදිය රජයේ දේපළක් බැවින් ඊට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දියක් ද ගෙවන ලෙසටයි අධිකරණය විත්තිකරුට නියෝගකරනු ලැබුවේ.

2019 වසරේ පෙබරවාරි මස 10 වනදා කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරත්චන්ද්‍ර මහතා අනතුරකට ලක් වූ අතර එහිදී සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු පසුව මරණයට පත් වුණා.

එම චෝදනාව සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකු ගේ පුත්‍රයකු වන නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16