spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආන්දෝලනයකට ලක්වූ රිය අනතුරක නඩු තීන්දුව ප්‍රකාශයට පත්වෙයි

2019 වසරේ පෙබරවාරි මාසයේදී කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේ දී පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතාට රිය අනතුරක් සිදු කර බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිර දඬුවම් හා දඩ නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ.

ඒ අනුව විත්තිකරුට වසර 2ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 15 කට අත්හිටුවන බව නියෝග කළා.

ඊට අමතරව රුපියල් එක්ලක්ෂ පනස්දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා මියගිය පුද්ගලයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 26ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

එමෙන්ම අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයාගේ යතුරුපැදිය රජයේ දේපළක් බැවින් ඊට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දියක් ද ගෙවන ලෙසටයි අධිකරණය විත්තිකරුට නියෝගකරනු ලැබුවේ.

2019 වසරේ පෙබරවාරි මස 10 වනදා කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරත්චන්ද්‍ර මහතා අනතුරකට ලක් වූ අතර එහිදී සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු පසුව මරණයට පත් වුණා.

එම චෝදනාව සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකු ගේ පුත්‍රයකු වන නවිඳු උමේෂ් රත්නායක නමැත්තාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
30
+1
2
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?