ආනයනික අර්තාපල්වලට බද්දක් පනවන්නැයි ඉල්ලීමක්

අර්තාපල් ආනයනය කිරීම තහනම් කිරීම වෙනුවට ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙරට අර්තාපල් වගා කරන ගොවීන් මෙන්ම දේශීය අර්තාපල් වගාවත් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

දේශීය වශයෙන් අර්තාපල් අස්වනු නෙළන අවස්ථාවේ දී විදේශ රටවලින් සිදු කරන අර්තාපල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

දේශීය අර්තාපල් අස්වැන්න නෙළන සෑම අවස්ථාවකම සෑම රජයක් විසින්ම අර්තාපල් ආනයනය කිරීම නිසා දේශීය අර්තාපල් වගාව අත් හැර දමන තත්ත්වයට එම ගොවීන් පත්වී තිබෙනවා.

විශාල මුදලක් ආයෝජනය කරමින් මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් බවින් මෙම ලිපිය යොමු කළ ද මෙතෙක් මුදල්අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව මහින්ද අමරවීර මහතා පෙන්වා දෙනවා.

හෙට (13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ බීජ අර්තාපල් වගාවේ අස්වනු නෙලීම ඊයේ (11) ආරම්භ වූ අතර එම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙරට බීජ අර්තාපල් නිෂ්පාදනය අල මිලියන 9ක් දක්වා ඉහළ නැංවීම ඉළක්කයයි.

දැනට බොරලන්ද ප්‍රදේශයේ අක්කර සියයක පමණ බීජ අර්තාපල් වගාව සිදු කෙරෙන අතර මේ සඳහා එම ප්‍රදේශයේ තවත් ඉඩම් හදුනාගෙන බීජ අර්තාපල් වගාව පුළුල් කිරීමට ගොවීන් උනන්දු කරවන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව කිසිසේත්ම අභාවයට යාමට ඉඩ නොතිබන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා සඳහන් කළේ අර්තාපල් වගාව ආරක්ෂා කිරීමට පමණක් නොව අපට අවශ්‍ය අර්තාපල් අපෙ රටේම නිපදවීමත්, අර්තාපල් ආනයනය වළක්වාලීම දක්වා අවශ්‍ය කටයුතු රජය මගින් ඉටු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43