spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආනයනය සීමා කළත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැහැ

විදෙස් විනිමය රට තුළ රඳවා ගැනීමේ අරමුණින් 2021 වර්ෂයේදී ඇතැම් භාණ්ඩ ආනයනය සීමාකර තිබුණ ද, ආනයන සම්බාධක පැනවීමේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ආනයන බලපත්‍ර සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළේ.

2021 වසරේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධනය පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව අනාවරණය කළා.

කොවිඩ් වසංගතයට පෙර වසර වන 2018 වසරට සාපේක්ෂව 2021 වසරේදී ආනයන බලපත්‍ර ආදායම සියයට 47 කින් ඉහළ යාමෙන් පෙන්නුම් කිරීම පාලනයකින් තොරව ආනයන සිදුවීම බවයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?