ආණ්ඩු වෙනස් වුවද, ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගත යුතුයි

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ කෙටුම්පත් මෙම වසර අවසන් වීමට පෙර සකස් කරන ලෙස තමා අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආණ්ඩු වෙනස් වුව ද, ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වන අතර කලින් කලට වෙනස්වන ප්‍රතිපත්ති සමඟ කිසිවිටක රටක් දියුණුව කරා ගෙන යා නොහැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක් වෙමින්.

ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

රට තුළ කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඇති කිරීමේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින්, දිගු කලක් පුරා බලා සිටි ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමට අද අපට අවස්ථාව ලැබී තිබෙනවා.

2017 දී යෝජනා කළ මෙම ප්‍රතිපත්තිය 2018 දී පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නමුත් එය මේ වන තෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. වසර 07කට පසුව අද මෙම ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්විම රජයේ ව්‍යාපෘති සහ ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස හැඳින්විය හැකියි.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මුදල් අමාත්‍යාංශයට සහ ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තුවට ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තිවල විනිවිදභාවය ඉහළ නංවමින් මෙම නව ප්‍රතිපත්තිය භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

එසේම රජයේ වැඩිම වියදම් දරන අමාත්‍යාංශ දහයේ වියදම් පිළිබඳව විශ්ලේෂණයක් ද මේ වන විට සිදුවෙමින් පවතිනවා.

මෙම වසර අවසන් වන විට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් සකස් කරන ලෙස මම විදේශ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳ දිර්ඝකාලීනව අවධානය යොමු කෙරෙන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයටත් උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙම අමාත්‍යාංශ අනුගමනය කරමින් ඉදිරියේදී අනිකුත් අමාත්‍යාංශවලත් ජාතික ප්‍රතිපත්ති සකස් කළයුතුයි.

අමාත්‍යාංශ මට්ටමින් ජාතික ප්‍රතිපත්ති ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම රටේ සංවර්ධන අරමුණු ජය ගැනීමේ දී ඉතා වැදගත් වෙනවා. ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ගැටලු නිරාකරණය කර ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙනවා.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කෙරුණේ මීට වසර හතකට පමණ පෙරයි. එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට කැප වූ සියලුදෙනාගේ විශිෂ්ට දායකත්වය මම අගය කරනවා.

ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම මෙරට පාලන තන්ත්‍රයේ පවතින විශාල හිඬැසක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද කමිටුවට විශාල වගකීමක් පැවරෙනවා. එමෙන්ම මෙම ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි.

රජයේ ක්‍රියාමාර්ග ඵලදායී ලෙස ඇගයීම වඩාත් වැදගත් වෙනවා. ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන්ගේ කැපවීම ද අත්‍යාවශ්‍යයි.

රාජ්‍ය ව්‍යුහය තුළ විනය සහ පිළිවෙළ ඇති කිරීම මෙහි තවත් අරමුණක් වෙනවා. ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ස්ථාවර පරිසරයක් පවත්වා ගැනීමටත්, ආණ්ඩු වෙනස් වුවද, ප්‍රතිපත්ති ස්ථාවරව පවතින බව සහතික කිරීමත් මෙම ප්‍රතිපත්තියෙන් සිදු විය යුතුයි.

ශ්‍රී ලංකාව මෙම ප්‍රතිපත්තිය සමඟ ඉදිරියට යන විට, ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වැඩි එකඟතාවයක් ඇති කර ගැනීම ද අපේක්ෂා කරනවා. අවසානයේ එමඟින් පුළුල් ජාතික ප්‍රතිපත්ති රාමුවකට ඉඩ සැලසෙනවා මෙම ජාතික ප්‍රතිපත්ති සමඟ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ දී ණය ප්‍රශස්තකරණයට අදාළ සාකච්ඡාවලදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මම සතුටට පත් වෙනවා. එහිදි රාජ්‍ය මූල්‍ය කමිටුවේ සහ විවිධ දේශපාලන පක්ෂවල දැඩි විවාද හමුවේ හා සංකීර්ණතා මධ්‍යයේ වුවද, සැලකිය යුතු එකඟතාවකට පැමිණීමට අපට හැකිව තිබෙනවා.

  1. එහේම නම් අවශ්‍ය වන්නේ මානව හිමිකම් කොමිසමට අධිකරන බලතල ප්‍රමාණයක් ලබා දිම පමණයි. එවිට රජයේ සේවකයන්ට හා දේශපාලකයන්ට වැරදි වැඩ කල නොහැක. අපිට ඔවුන් ගැන පැමිණිලි කර දඩුවම් ලබා දිය හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49