ආගරපතනේ පාසල් ගොඩනැඟිල්ලක් මතට ගසක් කඩා වැටෙයි

නුවරඑළිය – ආගරපතන ප්‍රදේශයට ඊයේ (23) පස්වරුවේ ඇදහැලුණු අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ආගරපතන සිංහල මහා විද්‍යලයට දැඩි හානි සිදුව ඇති බව අවර්ත වනවා.

වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය සමඟ විද්‍යාල භූමියේ තිබූ සයිප්‍රස් ගසක් කඩා වැටීමෙන් මෙම හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගස කඩා වැටීමෙන් පාසල් පුස්තකාලයට සහ පළමු හා දෙවන ශ්‍රේණිවල පන්ති කාමරවලට දැඩි අලාභ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියට යටත්ව අද (24) දිනයේ දී නිවාඩු ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ හානියට පත්වූ ගොඩනැගිලි යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව යළි ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බවයි.

මේ අතර සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත්කර ගැනීමට ජනතාවගෙන් උපකාරයක් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කර සිටි විදුහල්පතිවරයා, 076 806 7804 යන දුරකථනය අංකය ඔස්සේ තමා සම්බන්ධ කරගත හැකි බව ද දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40