spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැන විශේෂ සාකච්ඡාවක් අද

විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටළුව සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලබාදීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහරගම ප්‍රදේශයේ ඊයේ (25) පැවති ආගමින උත්සවයකට එක්වෙමින්.

මේ අතර ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටළුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (26) දිනයේ පැවැත්වීමට නියමිතයි.

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආගමික ස්ථානවල විදුලිබිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් විදුලිබල මණ්ඩලය සහ බුද්ධශාසන අමාත්‍යාංශය අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?