ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීමට තීරණයක්

විද්‍යුත් වීසා ලබාදීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන ඇති තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ගොනු කර ඇති ඇප ඉල්ලුම සලකා බැලීම ජනවාරි 29 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) දින නියම කළා.

ඇප අයැදුම එදින ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි.

හිටපු ආගමන විගමන පාලකවරයා අධිකරණයට අපහාස කිරීම යටතේ ගොනු වී ඇති නඩුකරය සහ ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවුවා.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් යන විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවමින්; ඒ අවස්ථාවේ දී ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියේ, ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියකු වන සිය සේවාදායකයා මාස හතරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඔහුව ඇප මත මුදා හරින ලෙසයි.

විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා එහිදී පෙන්වා දුන්නේ රජයේ ඉහළ නිලධාරීන්  සෑම විටම අධිකරණ නියෝග අනුව කටයුතු කළ යුතු බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටය අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය අමතමින් විද්‍යුත් වීසා නිකුත් කිරීමේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණය විසින් දෙන ලද නියෝග හතරකින් තුනක් ක්‍රියාත්මක කළ වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා එක් නියෝගයක් ක්‍රියාත්මක නොකළ අතර එම නියෝගය ක්‍රියාත්මක කිරීමට ඇති අපහසුතා සඳහන් කරමින් මෝසමක් ගොනු කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ අධිකරණය ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සදහන් කළා. 
 
පෙත්සම්කාර එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා කල් ඉල්ලා සිටි වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා රිමාන්ඩ් භාරයට පත් කළ විගසම එදින අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීමට හැකි බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බවයි.

එබැවින් ආගමන විගමන පාලකවරයාට ඇප ලබාදීමට පෙත්සම්කරුවන් විරුද්ධ නොවන බව ඒ මහතා අධිකරණය හමුවේ පවසා සිටියා.

එහිදී සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා සඳහන් කළේ, පෙත්සම් සම්බන්ධයෙන් වන නඩු ගොනු අද දින පෙරවරුවේ ලැබුණු බැවින් එය අධ්‍යයනය කිරීමට කාලය ප්‍රමාණවත් නොවූ බවත් එබැවින් මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නොහැකි බවයි.

ඒ අනුව ඇප අයැදුම ජනවාරි 29 වැනිදා සලකා බැලීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37