අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඇතුළු තවත් දේපොළ ගිනි තබා විනාශ කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අළුතෑපොල ගණේකන්ද පුරාණ රජ මහා විහාරාධිපති රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා (27 වෙනිදා ) අද නියම කලේය.
ගම්පහ පොලිසිය කළ දැනුම්දීමක් මත ධම්මදින්න හිමියන් අද (27) උදේ ගම්පහ පොලිස් ස්ථානය වෙත ගොස් තිබුනා.
පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිමියන්ව අද (27) දහවල් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ආවරණය කර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කලේය.
මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවිණි. නීතිඥ මණ්ඩලයක් ධම්මදින්න හිමියන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කළ අධිකරණය සැකකාර හිමියන්ව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට නියම කළේය.
ඔක්තෝම්බර් මස 05 වැනි දාට නඩුව නැවත කැඳවීමට නියම විය.














They are truly CATHOLICS. May be Buddhists knew it. That may be the reason for burning his house. 🇱🇰