spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අහුන්ගල්ලේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ

අහුන්ගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පෙරේදා (08) රාත්‍රියේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලිස් වසමේ බාන්වැල්දූව, සුදුවැලිපොත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබිය දී මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අද (10) පෙරවරුවේ එම යතුරුපැදිය සොයාගන්නා අවස්ථාවේ දී ඊට ගිනි තබා තිබූ බවයි කොස්ගොඩ පොලිසිය පැවසුවේ.

පෙරේදා සිදු වූ අපරාධය සඳහා වෙඩික්කරුවන් විසින් මෙම යතුරුපැදිය යොදාගන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?