spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අසනීප තත්ත්වය ගැන චාමර වීරසිංහගෙන් සටහනක්

තම අසනීප තත්ත්වය සම්බන්ධයෙන් ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සෞඛ්‍ය තත්වය මේවන විට තරමක් යහපත් බවයි.

වෛද්‍ය උපදෙස් අනුව සුලු කාලයක් විවේක සුවයෙන් ගත කිරීම අත්‍යවශ්‍ය බව පවසා ඇති බැවින් ඒ සඳහා ඉදිරියේදී විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තුවන බවයි චාමර වීරසිංහ සඳහන් කර ඇත්තේ.

අසනීප තත්ත්වය මත දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කළ මොහොතේ සිට මේ දක්වා ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන්ටත්, රෝහල් කාර්ය මණ්ඩලයේ සැමටත්, බෝධි පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කරමින් ආශීර්වාද කළ ස්වාමීන් වහන්සේලා පූජක තුමන්ලා ද ඇතුලු දෙස් විදෙස් ආදරණීය රසික රසිකාවියන්ට ද ඔහු සිය ගෞරවනීය ස්තූතිය පුදකර තිබෙනවා.

Chamra FB Post
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
1
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?