අවුරුදු 13 ක පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ චීවරධාරියෙකු පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 13 ක් වන පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ බව කියන චීවරධාරියෙකුව ඇහැටුවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝගස්වැව ප්‍රදේශයේ රාජමහා විහාරයක වැඩ වාසය කරමින් සිටි චීවරධාරියෙක්

සැකකාර චීවරධාරියා වැඩ වාසය කරන විහාරස්ථානයේ සිටින පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අතවරයන්ට මුහුණ දෙන බවට ළමා ආරක්ෂණ අධිකරියට තොරතුරක් ලැබී ඇත.එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය ඇහැටුවැව පොලීසියට දැණුම් දී තිබේ.

ඒ අනුව ඇහැටුවැව පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව සැකකාර චීවරධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
5
+1
0
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?