අවුරුදු 11ක දැරියක් අපයෝජනය කළ සුළු පියාට සිර දඬුවම්

වයස අවුරුදු 11 දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවෙකුට වසර 15ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසිනුයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙලෙස දඬුවම් නියම වූයේ ඉංගිරිය ශාන්ත පීතර ජනපදයේ පදිංචි 50 හැවිරිදි අයෙකුටයි.

සිර දඬුවමට අමතරව රුපියල් 5000ක දඩයක් නියම කල මහාධිකරණ විනිසුරුවරයා එකී දඩමුදල නොගෙවන්නේ නම් චූදිතට තවත් මාසයක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කරනු ලැබුවා.

විත්තිකරු 2007 වසරේ ජුනි මස 01 හෝ ඊට ආසන්න දිනක සිය බිරිඳගේ පළමු කසාදයේ දියණිය දූෂණයක් කිරීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධ්කරණයේ මූලික සාක්කි ගොනුකිරීමෙන් පසු නීති පතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

සැකකරු මෙලෙස දූෂණය කර ඇත්තේ තම බිරිඳගේ පෙර කසාදයේ දියණියක බවත්, පිය සෙනෙහස ලැබිය යුතු දැරියක දූෂණය කර ඇති බවින් සමාජයට පණිවුඩයක් ගෙනදෙන ආකාරයේ උපරිම දඬුවමක් නියම කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටී රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැඳි මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුට ලිහිල් දඬුවමක් දඩුවමක් නියම කරන ලෙසටයි විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ උදාර පෙරේරා මහතා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14