අවුරුදු 10 දැරියක් පැහැරගන්න හැදු අයෙක් අත්අඩංගුවට – තවත් පිරිසක් සොයා පරීක්ෂණ

පුදුකුඩිඉරිප්පු කයිවෙලි ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු පැහැර ගැනීමට උත්සහ කළ කණ්ඩායමක පුද්ගලයෙකු ඊයේ (13) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ දැරිය මව සමඟ උපකාර පන්තියකට පැමිණ ඇති අවස්ථාවේ පිරිසක් පැමිණ දැරියගේ මුහුණට කිසියම් දියරයක් ඉස ඇති බවයි.

එහිදි දැරිය බිම වැටී ඇති අතර, සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් කඩිනමින් ක්‍රියාත්මක වී අදාළ පිරිසෙන් එක් අයෙකු අල්ලාගෙන පොලිසිය වෙත භාරදී තිබෙනවා.

පොලිසිය පැවසූවේ දැරිය පැහැර ගැනීමට පැමිණි අනෙක් පිරිස සොයා කණ්ඩායම් කිහිපයක් පුළුල් පරීක්ණ පවත්වන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු අද (14) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැරිය මාන්චෝලෙයි රෝහලට ඇතුලත් කර ඇති අතර ඇය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

දැරියගේ පියා සහ මව වෙන්ව ජිවත්වන අතර, පියා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසියේ කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51