අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න අදත් ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද සඳහා තම ගම්බිම් බලා ගොස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වෙත නැවත පැමිණෙන මහජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (19) දිනයේදීත් ක්‍රියාත්මක වනවා.

සති අන්තයේ දිනයක් වන අද (19) දිනයේ සහ හෙට (20) දිනයේ දී මගීන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, විශේෂයෙන් අධිවේගී මාර්ග සඳහා අමතර බස් සේවා ක්‍රියාත්මක බවයි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සඳහන් කළේ.

මොණරාගල, ඇඹිලිපිටිය, බදුල්ල, බණ්ඩාරවෙල, අම්පාර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලින් විශේෂ සේවා ක්‍රියාත්මක වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම අධිවේගී මාර්ග ඔස්සේ ක්‍රියාත්මක බස් සේවා මඟින් කොළඹට පැමිණෙන ජනතාව හෙට (20) උදෑසන කාලයේ දී වැඩි වශයෙන් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කළ හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ධාවන) ෂෙරින් අතුකෝරළ පැවසුවේ.

මේ අතර, පවතින මගී ඉල්ලුම මත පිට පළාත්වලින් කොළඹට පැමිණීමට අමතර බස් රථ යෙදවීමට පළාත් ප්‍රවාහන අධිකාරීන් වෙත අවශ්‍ය අවසර ලබා දී ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද අද (19) දිනයේදීත් විශේෂ දුම්රිය කිහිපයක් ධාවන කරන බවයි පැවසුවේ.

මෙම විශේෂ දුම්රිය අනුරාධපුර, කන්කසන්තුරේ, මාතර සහ බෙලිඅත්ත ප්‍රදේශවලින් කොළඹ දක්වා ධාවනය කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16